Spread the love

සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු හමුදාපති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එළඹෙන ජනාධිපතිවරණයට තරග කිරීමට තීරණය කර ඇති බව ඩේලිමිරර් වාර්තා කරයි.

ඒ අනුව එළඹෙන මාසයේදී ෆොන්සේකා මහතා ඒ පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශ කරනු ඇති බවද ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඔහු තරග කිරීමට නියමිත බවද සදහන්ය.

තවත් සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් පිරිසකගේ සහයද ඔහුට හිමිවනු ඇති බවත් තවත් දේශපාලන පක්ෂ කිහිපයක මන්ත‍්‍රීවරුන් ඇතුළු දේශපාලඥයන් සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් ඇති බවත් වාර්තාව කියා සිටී.

කොළඹ සිටින විදෙස් රාජ්‍යතාන්තකයන් පිරිසක් සමගද ෆොන්සේක මහතා මේ පිළිබඳව නිල නොවන මට්ටමෙන් සාකච්ඡා කර දැනුවත් කර ඇති බවද වාර්තාවේ දැක්වෙයි.