Spread the love

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට 27 දා ඇතුළත් කර තිබූ නිපා රෝග ලක්ෂණ සහිත යැයි සමාජ මාධ්‍ය ජාලා විසින් හඳුන්වා දී තිබූ ළමුන් දෙදෙනාට වැලඳී ඇත්තේ නිපා ආසාදනය නොවන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මීගමුව හා කළුතර දිස්ත්‍රික්කවල පදිංචිකරුවන් වන මෙම ළමුන් දෙදෙනා කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, ලේ වහනය මෙන්ම මොළයේ ඉදිමීමේ රෝගයෙන් පෙළෙන බවත් සිහිසුන් තත්ත්වයේ පසු වන බවත් සමාජ මාධ්‍ය ජාලා විසින් සඳහන් කර තිබිණි. කෙසේ වුවද වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ පවසා ඇත්තේ එම රෝගී ළමුන් දෙදෙනාට නිපා ආසාදනය වැලඳී නොමැති බවයි.