Spread the love

.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් (UNICEF) සංවිධානයේ මෙරට නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් (Mr. Christian Skoog) මහතා සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අතර විශේෂ හමුවක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැත්විණි.
මෙහිදී UNICEF නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා එම සංවිධානය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව ක්‍රියාත්මක කරන හා ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන්, ව්‍යාපෘති පිලිබදව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාව දැනුවත් කිරීමට පියවර ගැනිණි .
මෙරට ළමා පෝෂණ මට්ටම තව තවත් ඉහළ නැංවීම සදහා ගත යුතු ඉදිරි පියවර පිළිබද සමීක්ෂණයක් මෙන්ම පර්යේෂණයක් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බවත්, එම ව්‍යාපෘතිය නිමාවු පසු ඊට අදාලව සකස් කරන වාර්ථාව සෞඛ්‍ය ලේකම්වරයාට ලබාදීමටත් එතුමාගේ උපදෙස් හා මගපෙන්වීමද ලබා ගනිමින් එම අනාගත වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ක්‍රිස්ටියන් ස්කූග් මහතා ප්‍රකාශ කර සිටියේය .
එමෙන්ම මෙරට එන්නත් ක්‍රියාවලිය අතීතයේ සිටම විධිමත්ව මනා ලෙස සංවිධානාත්මක අයුරින් ක්‍රියාත්මක වන බව පෙන්වා දුන් ඒ මහතා එය තවත් ප්‍රවර්ධන කිරීම සදහා යෝජනා මාලාවක්ද කඩිනමින් ලබා දීමටද, මුල් ළමා විය සංවර්ධනය කිරීම සදහා කාන්තා හා ළමා අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය හා ඊට අදාල අනෙකුත් රාජ්‍ය ආයතන එක්ව නැවුම් විධිමත් වැඩ පිලිවෙලක් සකස් කිරීමට ද මෙහිදී යෝජනා විය.