Spread the love

මහනුවර ඩී.එස්. සේනානායක වීදිය අවන්හලක පිරිස් දෙපිරිසක් අතර ඊයේ පස්වරුවේ ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ සිව් දෙනෙකු රෝහල් ගත කර තිබේ.

මහනුවර පොලිසිය සඳහන් කරන්නේ මේ වන විට සිදුවීම සම්බන්ධයෙන් හත්දෙනෙකු අත්අඩංගුවේ පසුවන බවයි.

මහනුවර නගරය මේ හේතුවෙන් දැඩි නොසන්සුන්තාවකට පත්ව ඇති අතර ජනතාව කලබලයෙන් හිස් ලූ ලූ අත දිව ගොස් තිබේ.

ගැටුමට සම්බන්ධ වූවන් පොලු, වීදුරු, බෝතල් ගඩොල් ආදියෙන් පහර දීම හේතුවෙන් අවට ගමන් කළ සංචාරකයන් ද දිව යන අයුරු දැකගත හැකි විය.

අවන්හල් සේවකයන් සඳහන් කරන්නේ පිටස්තර පිරිසක් කඩා වැදී පහර දුන් බවයි.

පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි.