Spread the love

මෙරට වැඩිම සක්‍රීය පරිශීලක පිරිසක් හිමි දේශීය ඇප් එක වන හෙළකුරු වෙතින් “විමසුම” නමින් ඩිජිටල් ජනමත විචාරණ වේදිකාවක් අද (01) හඳුන්වා දී ඇත.

මේ හරහා රටේ සමාජ, ආර්ථික, දේශපාලන හා වාණිජ කරුණු සම්බන්ධයෙන් මත විමසුම් මහජනතාවට යොමු කෙරෙන අතර, ඊට ඔන්ලයින් සමීක්ෂණයකට සහභාගී වන ආකාරයෙන් පිළිතුරු ලබාදී තම මතය ප්‍රකාශ කිරීමේ අවස්ථාව මෙරට සියලු පුරවැසියන්ට හිමිවෙයි.

එසේම සමීක්ෂණවලට පිළිතුරු ලබාදීමෙන් අනතුරුව, අදාළ සමීක්ෂණයේ එතෙක් සමස්ථ ප්‍රතිඵලය සජීවීව දැකබලාගැනීමේ අවස්ථාවද මහජනතාවට හිමිවන අතර, සමීක්ෂණයට සහභාගීවූවන් සංඛ්‍යාව, ඔවුන්ගේ වයස් කාණ්ඩ හා දිස්ත්‍රික්ක මෙන්ම, එක් එක් දිස්ත්‍රික්කයන්ට අදාලව සමීක්ෂණ ප්‍රතිඵල ද මෙම ඩිජිටල් වේදිකාව හරහා දැක බලාගැනීමේ අවස්ථාව සැලසෙයි.

රටපුරා මිලියන පහකට ආසන්න සක්‍රීය පරිශීලක සංඛ්‍යාවක් හෙළකුරු භාවිතා කිරීම හේතුවෙන්, රටේ සිව්දෙස වෙසෙන මහජනාවගේ මතයන් එකම සමීක්ෂණ වේදකාවක පිළිඹිබු වීම මෙම ඩිජිටල් ජනමත විමසුම් වේදිකාවේ විශේෂත්වයක්.

අද සිට හෙළකුරු Superapp එකේ ඇති “විමසුම” සේවාවට පිවිසීමෙන් හෝ පහත සබැඳියෙන්, මෙම විමසුම් සඳහා සහභාගී වීමටත් සජීවී ප්‍රතිඵල දැනගැනීමටත් ඔබට හැකියාව පවතිනු ඇත..්‍