Spread the love


නිමල් රාජපක්ෂ-

මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතන පුස්තකාල සංවර්ධන වැඩසටහන යටතේ පැවති පුස්තකාල පාඨක ක්‍රියාකාරකම් පළාත් තරගාවලියේ දි මාතලේ දිස්ත්‍රික්කයේ 3 ශ්‍රේණියේ හොදම මහජන පුස්තකාලය ලෙස සම්මාන ලැබු විල්ගමුව ප්‍රාදේශීය සභාවේ හෙට්ටිපොල මහජන පුස්තකාලය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතාගේ නිරික්ෂණයට ලක් විය.
ඉතාමත් අඩු සේවක මණ්ඩලයක් යටතේ මෙහිදි පුස්තකාලය ක්‍රමාණුකලව පවත්වාගෙන යාම පිළිබදව එහි කාර්ය මණ්ඩලයට ප්‍රශංසා කළ අතර ඔවුන් මෙහිදී පෙන්වාදුන් කඩිනමින් පිළිසකර කලයුතු ස්ථාන පිලිබදව ආණ්ඩුකාරතුමන් අවධානය යොමු කළේය. එම ඉල්ලිම අනුව පුස්තකාලයේ ඉදිරි සංවර්ධන කටයුතු සදහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දිමට කටයුතු කරන බව පළාත් ආණ්ඩුකාරවරයා පැවසිය.

මෙම අවස්ථාවට පුස්තකාලාධිපති ඩබ්.ආර්.ආර් විරසේකර මහතා ඇතුලු පිරිසක් එක්වි සිටියහ.