Spread the love

ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් දිවයිනපුරා සිටින වනජීවි නිලධාරීන් හෙට (18) සංකේත වර්ජනයක් දියත් කරන බව සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවී නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා පවසයි.

වනජීවී නිලධාරින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ප්‍රධාන අරමුණ වන අතර මීට අමතරව ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවද ප්‍රභාෂ් කරුණාතිලක සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.