Spread the love

සිය මවගේ නමින් ආරම්භ කළ ව්‍යාජ ආයතනයකින් ඇඟලුම් කර්මාන්ත ශාලාවට අමුද්‍රව්‍ය මිලදී ගන්නා බව පවසමින් වසර එකහමාරක පමණ කාලයක් තුළ රුපියල් කෝටි 18ක මුදලක් වංචා කළ අයකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පන්නල සඳලංකාව ප්‍රදේශයේ පිහිටි විදෙස් ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් මුදල් වංචා කළ එම කර්මාන්ත ශාලාවේ ප්‍රසම්පාදන අංශයේ සේවකයෙකි.
ඹහු වංචා කළ මුදලින් අධි සුඛෝපභෝගී ජීවිතයක් ගතකළ සැකකරු BMW i8 වර්ගයේ මෝටර් රථ 2ක් අවුඩි වර්ගයේ මෝටර් රථයක් හා පර්ජෝ වර්ගයේ ජීප් රථයක් මිලදීගත් බවද පවසා තිබේ.

එමෙන්ම වයිකාල ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකින් රුපියල් ලක්ෂ 110කට නිවසක් මිලදීගත් ඔහු පන්නල නගරයෙන් රුපියල් ලක්ෂ 130කට පර්චස් 9ක ඉඩමක්ද මිලට ගෙන ඇතැයි හෙළිවුණි.

සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.

සැකකරුට අයත්ව විමර්ශන නිලධාරීන් සොයාගත් රුපියල් කෝටි 13ක පමණ චංචල හා නිශ්චල දේපළ තාවකාලිකව තහනම් කර ඇති අතර සැකකරු කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ ්‍න