Spread the love

ජනාධිපතිතුමාගේ ධූර කාලය සම්බන්ධයෙන් කතාබහක් ඇතිවෙලා තියෙනවා.. ඔබතුමාගේ අදහස මොකක්ද?

“මං හිතන්නෑ ඒක කිසිසේත්ම පදනමක් තියෙන දෙයක් කියලා. මොකද ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට අවුරුදු පහකට තමයි ඡන්දේ දුන්නේ. ඒක කල් දාගන්න ක්‍රමයක් නෑ. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පත්වෙද්දී අවුරුදු හයකට පත්වුණේ. නමුත් එතුමා අවුරුදු පහකට ව්‍යවස්ථාව වෙනස් කරා. එතුමත් උසාවියට ගියා. ඔය වගේ ක්‍රමයකට තව අවුරුද්දක් ඉන්න පුළුවන් ද කියලා බලන්න. ඒකට උසාවියෙන් ලැබුණේ ඍණාත්මක පිළිතුරක්. මේක අපි පූර්ව කථනයන් කරන්නේ නෑ. නමුත් මෙතන කිසිම නීතිමය පසුබිමක් නැති බව ව්‍යවස්ථාව ගැන දන්න හැමෝම දන්නවා.”