Spread the love

ජනතා පුවත්පතේ හිටපු ක්‍රීඩා කර්තෘ මහින්ද ජිනදාස මහතා අද(16) උදෑසන අභාවප්‍රාප්ත විය
ලේක්හවුස් ආයතනයේ පුරා වසර 38 සේවය කළ මහින්ද ජිනදාස මහතා ප්‍රථමයෙන් ලයිනෝ අංශයේ සේවයට පැමිණ අතර පසුව ජනතා පුවත්පතේ ක්‍රීඩා කර්තෘ හැටියට සේවය කළේය. ලේක්හවුස් ආයනතයේ වසර 38 ක් පමණ සේවය කළ මහින්ද ජිනදාන මහතා ලේක් හවුස් ආයනයෙන් විශ්‍රාම ලැබුවද ක්‍රීඩා සගරවේ නිදහස් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළේය . මියයනවිට ඒ මහතා 76 වියේ පසුවිය..
මහින්දා ජිනදාස මහතා දේහය නිට්ටඹුව රන්පොකුණගම නො: A/D/5/31 දරන නිවසේ තැන්පත් කර ඇත.
ආදාහන කටයුතු 18 සඳුදා සවස හතරට ඌරාපොළ පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය
.