Spread the love

හලාවත සිංහපුර ප්‍රදේශයේ ගිනිගත් නිවසේ මියගොස් සිටි එකම පවුලේ තිදෙනාගෙන් මව සහ දියණිය ගෙල කපා ඝාතනය කර ඇති බවත්,මව පසුගිය 19 වෙනිදා පෙරවරුවේත් දියණිය එදින රාත්‍රියේත් ඝාතනයට ලක්ව ඇති බවයි පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වි තිබේ.

මියගොස් තිබුණේ 51 හැවිරිදි එස්.ජී. සේනාරත්න ,ඔහුගේ බිරිඳ වන 44 හැවිරිදි මංජුලා නිරෝෂනි නම් කාන්තාව සහ ඔවුන්ගේ 15 හැවිරිදි දියණිය වන නෙත්මි නිමේෂායි.

මෙම සිදුවීම ඝාතනයක් ලෙස සැකකර විමර්ශන මෙහෙයවන බව පොලීසිය සඳහන් කළේය.

මළ සිරුරු සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය හලාවත මහා රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය අයි.එම්. ඉලංගරත්න බණ්ඩා මහතා විසින් අද (21) සිදුකරනු ලැබීය.

එහිදී අනාවරණ වූයේ කාන්තාවගේ සහ දියණියගේ ගෙල කපා ඝාතනය කර පසුව සිරුරු ගිනි තබා ඇති බවය.

මියගිය කාන්තාව පසුගිය 19 වැනිදා පෙරවරුවේ ඝාතනය වී ඇති අතර ගෙලට තියුණු ආයුධයකින් පහර 06ක් එල්ල කර ඇති බවත් අධික ලේ වහනය නිසා ඇගේ මරණය සිදුව ඇති බවත් අධිකරණ වෛද්‍යවරයාගේ නිගමනය වී තිබුණි.