Spread the love

රුසියාවේ සහ යුක්‍රේනයේ කඳවුරු වල රැකියා ලබා දෙන බව පවසා මෙරට හමුදා සාමාජිකයන් එම රටවලට රැගෙන යාමේ ජාවාරමට හසු නොවන ලෙස ඉල්ලා සිටින බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසයි.

මේවන විට ද රුසියාව සහ යුක්‍රේනයට රැගෙන ගිය මෙරට හමුදා සාමාජිකයන් පිරිසක් මියගොස් ඇතිබවට තොරතුරු පවතින බව පැවසීය.

කෙසේවෙතත් එම මියගිය නිලධාරීන්ගේ අන්‍යතාව පවා තහවුරු කර ගැනීම අපහසු වී ඇතිබව පැවසීය.

මෙම ජාවාරමට සම්බන්ධ පිරිස් අත්තඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් මේවන විට ක්‍රියාත්මක බව වැඩිදුරටත් පැවසීය.

එහිදී වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්විය.

(වැඩිදුරටත් අදහස් දැක්වූ ලේකම්වරයාගේ හඬ පටය එවා ඇත)ගාල්ල – නාගොඩ සුමන උදයන්ත.