Spread the love

හෙට දිනයේ කැබිනට් අමාත්‍යධුර කිහිපයක් සංශෝධනය වන බව දේශපාලන ආරංච මාර්ග පවසනවා .

පරිසර අමාත්‍යංශය , සෞඛ්‍ය අමාත්‍යංශය , වනජීවී අමාත්‍යංශය , කර්මාන්ත අමාත්‍යංශවල වෙනසක් සිදුවන බවටයි වාර්තා වන්නේ .

ඒ අනුව කෙහෙළිය රඹුක්වැල්ල දැනට දරන සෞඛ්‍ය අමාත්‍යධුරයේ වෙනසක් සිදුවන බවටයි තවදුරටත් දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

සෞඛ්‍ය අමාත්‍යධුරය වෛද්‍ය රමේෂ් පතිරණට ලබා දෙන බවටයි වාර්තා වන්නේ,දැනට රමේෂ් පතිරණ දරන වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරය හෝ පරිසර අමාත්‍යධුරය කෙහෙළිය රඹුක්වැල්ලට ලබා දෙනු ඇති බවටයි වාර්තා වන්නේ.

මෙම අමාත්‍යධුර හුවමාරු කරගන්නේ සුහඳ හුවමාරුවක් ලෙසයි.

හෙට කැබිනට් රැස්වීමට පෙර මෙම අමාත්‍යධුර වෙනස සිදුවන බවටයි වාර්තා වන්නේ.