Spread the love

රත්නපුර අයගම උඩුගල ප්‍රදේශයේ නිවසක ඇති වූ හදිසි ගින්නකින් කාන්තාවක් පිලිස්සී මියගොස් ඇතිබව අයගම පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 79ක් වූ අයගම උඩුගල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

මියගිය කාන්තාව අසනීප තත්වයෙන් එක් තැන්ව සිටි කාන්තාවක් බව පොලිසිය පවසයි.

කාන්තාව සිටි කාබරයේ විදුලි ආලෝකය නොමැති හෙයින් රාත්‍රී කාලයේ ඉටි පන්දමක් පුටුවක් මත දල්වා තිබේ.

ප්ලාස්ටික් පුටුව ගිනිගෙන ඇති අතර පසුව කාන්තාව සිටි මෙට්ටයට ද ගිනි ඇවිලි කාන්තාවද පිලිස්සී මියගොස් ඇතිබව පොලීසිය පවසයි.

මෘත ශරීරය රත්නපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි.

අයගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.