සමසෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
ලාංකේය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පරිපූරක වෛද්‍ය සේවාව තුළ පවතින උග්‍ර වෘත්තිකයන්ගේ හිඟය හේතුවෙන් ගුණාත්මක හා ප්‍රමාණාත්මක සේවයක් සැපයීමේ අභියෝගය හමුවේ රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇත.
වසර 3 කට පමණ පසු සමසෞඛ්‍ය උපාධිධාරීන් බඳවා ගැනීමට පසුගිය ජූනි මස ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති නමුත් බඳවා ගැනීමේදී ඉතා අසාධාරණ හා අයුක්ති සහගත තරඟ විභාග ක්‍රමවේදයක් ප්‍රකාශ කර ඇත. එනම් රාජ්‍ය විශ්වවිද්‍යාල වල, පෞද්ගලික විශ්වවිද්‍යාල වල, හා විදේශීය උපාධිධාරීන් සියල්ලන්ටම පොදු තරඟ විභාගයක් පැවැත්වීමයි.
මෙය රටේ බදු මුදල් වලින් උපාධි සම්පූර්ණ කරන රාජ්‍ය විශ්වවිද්‍යාල වල උපාධිධාරීන් රටේ ආර්ථීකයට, සෞඛ්‍ය සේවයට යොදා ගන්නවා වෙනුවට, පෞද්ගලික හා විදේශීය විශ්වවිද්‍යාල වල උපාධිධාරීන් රාජ්‍ය සෞඛ්‍ය සේවයට බඳවා ගැනීමට දරණ කුමන්ත්‍රණයකි.
උසස් පෙළ ප්‍රතිඵල වලින් ඉහල Z අගයන් වලින් රාජ්‍ය විශ්වවිද්‍යාල වලට බඳවා ගන්නා උපාධිධාරීන් හා එයින් සුදුසුකම් නොලබන නමුත් මුදලට උපාධි සම්පුර්ණ කරන උපාධිධාරීන් අතර බඳවා ගැනීමේ පටිපාටිය උල්ලංගනය කරමින් රාජ්‍ය මුදල් නිස්කාරණයේ අවභාවිතාවට ලක් කරන තරඟ විභාගයක් නැවත පැවැත්වීම කිසිදු පදනමකින් තොර වේ.
නිදහස් අධ්‍යාපනයෙන් බිහිවූ රාජ්‍ය විශ්වවිද්‍යාල වල සමසෞඛ්‍ය විද්‍යා උපාධිධාරී අප ශ්‍රි ලංකාවේ නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතියත් රටේ පොදු ජනයාගේ ජන ජීවිතය යහපත් කිරීමටත්, කැපවීමට සූදානම් වුවත් පාලකයන් ගේ නොසැලකිලිමත් පටු තීරණ හමුවේ නිදහස් අධ්‍යාපනයෙන් බිහි වූ රාජ්‍ය විශ්වවිද්‍යාලයීය සමසෞඛ්‍ය විද්‍යා උපාධිධාරීන් ගේ අනාගතය අගතියට පත් කර ඇත.
නිදහස් සෞඛ්‍යයත් නිදහස් අධ්‍යාපනයත් විනාශයට ඇද දමන රජයේ වගකිවයුතු බලධාරීන්ගේ නොමනා ක්‍රියා කලාපයන්ට එරෙහිව ක්‍රියා කළ යුතු කාලය එළඹ ඇත.