Spread the love


නිමල් රාජපක්ෂ-

සිංහල අවුරුදු සමයේ කොල්ලුපිටිය හා කුරුදුවත්ත ප්‍රදේශයේ කල සෝදිසි මෙහෙයුමකදි රාත්‍රී සමාජශාලා තුනක් වටලා විදේශීය මත්පැන් බෝතල් තොගයක් සමගින් සැකකරුවන් දෙදෙනකු කොළඹ සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙහිදි බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය රාත්‍රී සමාජ ශාලා දෙකක් කොටුකර ගත් අතර අදාල සමාජශාලා දෙකෙන් අත්අ්ඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඉදිරියේදි අධිකරණ වෙත ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බව කොළඹ නගරය 1 සුරාබදු අධිකාරී පි.එන් .හේමන්න මහතා පවසයි.
බලපත්‍ර කොන්දේසි කඩකරමින් පවත්වාගෙන ගිය කුරුදුවත්ත ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවට කාර්මික අපරාධ වාර්තා ඉදිරිපත් කල අතර ඹහුගේ පෙරවරදි සලකා බලා ඉදිරියේදී සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා වෙත ඉදිරිපත් කොට සමථ ගාස්තුවක් අය කිරිමට නියමිතයි.
කොළඹ නගරය 1 සුරාබදු අධිකාරී පි.එන් .හේමන්න මහතා කැස්බෑව සුරාබදු නිලධාරීන් සහාය ඇතිව මෙම වැටලීම සිදු කළහ.