Spread the love

අයථා ලෙස රටින් පිටතට ගෙනගිය ඩොලර් තැන්පත්කර ඇත්තේ උගන්ඩාවේ නොවන බව සර්වජන බලයේ නායක ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

එම මුදල් සගවා ඇති තැන් තමන් දන්නා බවත් ඒවා ආපසු ලබාගැනීමට ක්‍රියාකරන ඕනෑම අයකුට තම සම්පූර්ණ සහයෝගය ලබාදෙන බවත් හෙතෙම පැවසීය.

රට ඉදිරියට ගෙන යාම සඳහා ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීමට තම කණ්ඩායමට බලය ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ඔහු පැවැසුවේ එම පක්‍ෂය විසින් පවත්වන ලද ජන රැලියක් අමතමිනි.

‘රටෙන් පන්නපු ඩොලර් ටික අපි ආපහු ගේමු. අපිත් උදව් කරනවා. ඕනනම් ඒවා තියෙන තැනුත් අපි කියන්නම්. ඒව තියෙන්නේ උගන්ඩාවේ නෙවේ කියල අපි එදත් කීව අදත් කියනවා. අපි කියන්නම් තියෙන තැන. ඒවා ආපහු ලංකාවට ගේන විදියත් අපි කියන්නම්. ඒකට අපි එඩිතරව ඉදිරිපත් වෙනවා’