Spread the love


නිමල් රාජපක්ෂ-

රුපියල් මිලියන 58 ක් වටිනා රන්අභරණ සහ රත්‍රං ජෙල් තොගයක් සිය අත්බෑගයේ සගවා ගෙන යාමට තැත්කල ගුවන් තොටුපල පිරිසිදු කිරිමේ සේවයට අනුයුත්ත සේවකයකු ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් රත්ත්‍රන් තොගයේ ග්‍රෑම් 2700 රන්අභරණ හා රත්රන් ජෙල් තොගයක් තිබු බව ජේෂ්ඨ රේගු අධ්‍යක්ෂ , රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ මහතා පවයි.
අදාල සැකකරු අවුරුදු 53 හැවිරිදු පුද්ගලයකු බව රේගු මාධ්‍ය ප්‍රකාශකවර යා පැවසුවේය.
සිද්ධිය සම්බන්ධයෙන් රේගු මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.