Spread the love

අද වන විට රට තුළ සාමාන්‍ය සේලයින් ඇත්තේ මාසෙකට අවශ්‍ය ප්‍රමාණය පමණක් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

සාමාන්‍යයෙන් මාස තුනක සේලයින් තොගයක් රට තුල පැවතිය යුතු බවද මන්ත්‍රීවරයා පැවසීය.

අද පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයේ දී මන්ත්‍රීවරයා මේ බව කිය කියා සිටියේය.

එමෙන්ම අත්‍යවශ්‍ය ඖෂධ 185 ක් ද රට තුළ නැති බවද ඔහු තවදුරටත් එහිදී පැවසීය.