Spread the love

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන්ට ලබාදීමට සැලසුම් කර ඇති ස්වෙච්ජා විශ්‍රාම වන්දි යෝජනා ක්‍රමය සදහා  කැබිනට් අනුමැතිය හිමිව ඇතිබව රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ සභාපති රත්නසිරි කළුපහන මහතා පැවසීය.

ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ඉදිකිරීම් නතර කිරීම හමුවේ සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකි තත්ත්වයක් උදා වූ බව පැවසීය.

ඒ හේතුවෙන් සේවකයන් 1500 අධික සංඛ්‍යාවක් ස්වෙච්ජාවෙන් විශ්‍රාම යාමට ඉදිරිපත් විය.

නමුත් ඊට අදාළ වන්දි  සහ විශ්‍රාම වැටුප් ගෙවීම සදහා භාණ්ඩාගාරයෙන් මුදල් අනුමත නොවීම හේතුවෙන් පසුගිය මාස කිහිපයේ අර්බුදකාරි තත්වයක් පැවතුනි.

එහෙත් මේ වනවිට විශ්‍රාම වැටුප් ගෙවීම සදහා රජය රුපියල් මිලියන 3764 අනුමත කර ඇතිබව පැවසීය.