Spread the love

රටේ සුළු ජාතින්ගේ ගැටළු වලට විසදුම් ලබාදිමට කිසිදු රජයක් හෝ පක්ෂයක් කටයුතු කර නොමැති බව හිටපු පා.ම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසිය.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඒ බැව් කියා සිටියේ සමගි ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ සමගි වනිතා බලවේග රැස්විම තලවකැලේ ප්‍රදේශයේ පැවති අවස්තාවේදිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කියා සිටියේ මේ රටේ සුළු ජාතින්ගේ ගැටළු වලට විසදුම් ලබා දි එම ජනතාවගේ ආකර්ෂණය ලබා ගැනිමට හැකි එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා බවයි.

ජනාධිපතිවරයා පළමුවෙන් ජනාධිපතිවරණය පවත්වන බවට ප්‍රකාශ කලහොත් පවත්වන්නේ මහ මැතිවරණයක් බවත්, මහ මැතිවරණයක් පවත්වන බවට ප්‍රකාශ කලහොත් පවත්වන්නේ ජනාධිපතිවරණයක් බවයි.

ජනාධිපතිවරයා පවත්වන ඕනැම මැතිවරණයකට මුහුණ දිමට සමගි ජන බලවේගය සුදානමින් සිටින බවට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වැඩිදුරටත් පැවසිය.