පොලිස් නිෂ්කාසන අංශය, බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ 17 වන මහලේ ස්ථාපිත කර ඇති බව පොලීසිය ජනතාවට දැනුම්දෙයි.
පොලිස් නිෂ්කාසන අයදුම්පත් යොමු කර ඇති අයදුම්කරුවන්ට ඒ සම්බන්ධයෙන් විමසීම් කිරීම සඳහා පෙර පැවති දුරකථන අංක වෙනුවට නව අංක කිහිපයක් හඳුන්වාදී තිබේ.
ස්ථාපිත කරන ලද නව ලිපිනය වන්නේ 17 වන මහල, සුහුරුපාය, බත්තරමුල්ල.
දුරකතන අංක – 011 2439185
011 2439186
ෆැක්ස් අංක – 011 2439187
011 2439188
විද්යුත් ලිපිනය – clearance@police.gov.lk