Spread the love

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිත වී ඇති “මැන්ඩවුස්” සුළි කුණාටුව බටහිරට බරව වයඹ දෙසට ගමන්කර හෙට රාත්‍රී කාලයේ නිරිතදිග බෙංගාල බොක්ක හරහා උතුරු තමිල්නාඩු, පුදුවේරි සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශවලට ගමන් කිරීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවයසයි.

උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, ඇතැම් ස්ථානවල මි.මී. 100 ඉක්ම වූ වැසි ඇතිවිය හැකියි .

උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 60 – 70 පමණ තද සුළං ඇති විය හැකියි බවයි කාලගුණ ව ව්‍ද්‍යා ‌දෙපාර්තුමෙන්තුව පවසන්නේ.