Spread the love


නිමල් රාජපක්ෂ-
.

සුරාබදු බලපත්‍ර නීති රීති සහ ගාස්තු සංශෝධනය කිරීමට පියවර ගත් බැවින් සංශෝධන පිළිබදව ඇති ගැටලු කඩිනමින් ජනපති වෙත යොමුකරන බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ඒ අනුව බලපත්‍ර නිකුත් කිරීම, ස්ථානය සම්බන්ධ නිර්ණායක ඇතුළත් සුරාබදු නිවේදන අංක 902 සංශෝධනය කර තිබේ. මීට අමතරව සුරාබදු බලපත්‍ර ගාස්තු, වාර්ෂික ගාස්තු සහ ඇප ගාස්තු ද සංශෝධනය කර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ගැටලු මතුවී ඇති පාර්ශව ඉදිරිපත් කර ඇති යෝජනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට පැමිණි වහාම ජනාධිපතිවරයා දැනුම්වත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය