Spread the love

ජාඇල ප්‍රදේශයේ පිහිටි සුපිරි හෝටලයක පැවති සාදයක් අතරතුර මත්පැන් පානය කළ පිරිසක් අතර ඇති වූ බහින්බස්වීමකින් අනතුරුව ඇති වූ ගැටුමකින් පුද්ගලයකු මිය ගොස් තිබේ.

මත්පැන් පානය කරමින් සිටි පිරිසේ පුද්ගලයෙකු උස්සා නාන තටාකයට විසිකිරීමෙන් පසු හුස්ම සිරවී මිය ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.

තිස් හතර හැවිරිදි ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවකු මෙසේ මිය ගොස් ඇත.

මරණය සම්බන්ධයෙන් පස් දෙනෙකු සැකපිට අත්අඩංගුවේ පසුවේ.