Spread the love


නිම්ල් රාජපක්ෂ-

කටාර් ගුවන් යානයෙන් අද පෙරවරුවේ මෙරටට පැමිණි මැසිඩෝනියානු ජාතිකයකුගේ ගමන් බෑගයක තිබි රුපියල් මිලියන 17 ක් වටිනා කොකෙන් තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් කටුනායක දි අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ කොකේ ග්‍රෑම් 350 ක් තිබු බව රේගු මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පවසයි.

කටාර් ගුවන් සේවයට අයත් QR664 දරණ ගුවන් යානයෙන් උදෑසන අටයි තිහට මෙරටට පැමිණි සැකකරු සිය ගමන් බෑගයේ ඉතා සුක්ෂම ලෙස මත්ද්‍රව්‍ය අසුරා තිබු අතර කොකෙන් පැකට් හතරකට සුප්කැට දමා සුප් පැකට් ලෙස අසුරා තිබියදි සොයා ගැනිමට රේගු නිලධාරීන් සමත්වීය.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරින් පරීක්ෂණ පවත්වන අතර සැකකරු හා මත්ද්‍රව්‍ය තොගය වැඩි විමර්ශන සදහා අදාල මත්දුව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත බාරදිම ට නියමිතය.