Spread the love

පුත්තලම මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවයේ නිරතව සිටි හෙදියක් සේවයට වාර්තා කිරිම සදහා පදික මාරුවෙන් ගමන් කරමින් සිටියදි බීමතින් අධික වේගයෙන් පැමිණි ත්‍රී රෝද රථයක ගැටි අනතුරකට ලක්වි ඇත.

ඊයේ(30) සවස රාජකාරියට එන අවස්ථාවේ අනතුර සිදුවී ඇති අතර අනතුරට ලක්වු හෙදිය පස්මස් ගැබණියක් බවද අනාවරණය වෙයි.

අනතුරට ලක්වී ඇත්තේ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි අවන්ති කරුණාරත්න නමැති හෙදිය බවත් ඇයට භාහිර තුවාල කිසිවක් නොතිබුණ නමුත් ශරීරය අභ්‍යන්තරයෙන් ලේ ගැලීම් හේතුවෙන් බරපතළ තත්ත්වයෙන් පසුවන බැවින් ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට යවා ඇත.

අනතුර සිදුකළ ත්‍රීරෝද රථ රියදුරා අධික ලෙස බීමත්ව සිට ඇති බවට අනාවරණය වී ඇති බැවින් රියදුරු අත්අඩංගුවට ගෙන පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතවය .

සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලීසිය වැඩි දුර පරික්ෂණ පවත්වයි.