නිමල් රාජපක්ෂ-
සීතාවක O D C දුම්රිය මින් ඉදිරියට සෑම සෙනසුරාදා දිනයකම ධාවනය එක් කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසසි.
සංචාරක කර්මාන්තය දියුණු කිරිමේ අරමුුණින් ධාවනයට එක්කරන මෙම දුම්රියෙන් ගමන් කිරිමෙන් සීතාවක පුරවරයේ තිබෙන ආකර්ශනීය ස්ථාන රැසක් නැරබීමේ පහසුකම් ලැබෙනු ඇත. කලටුවාව ජලාශය,රන්මුදු ඇල්ල, සීතාවක තෙත්බිම් උද්භිත උද්‍යානය මෙහිදී විශේෂිත තැනක් ගන්නා බවද ප්‍රවාහන ඇමතිවරයා පැවසුවේය.
සෙනසුරාදා ගමන් ඇරඹු මංගල ගමන සදහා විදේශීය තානාපතිරුන් රැසක් සහභාගි වීම විශේෂත්වයක් විය.
වීඩියෝව නරඹන්න SUBSCRIBE කරන්න