Spread the love

මාර්ගයක් අසල සිසුවෙකු දණගස්වා පහරදෙන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍යවල හුවමාරු වූ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් 16 හැවිරිදි සැකකරුවන් තිදෙනෙක් කෑගල්ල පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින්  අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 20 වනදා කෑගල්ල පිටිහුම ප්‍රදේශයේදී බස් රථය එනතුරු රැඳීසිටි දමුණුපොල ප්‍රදේශයේ සිසුවෙක්ට මෙම අමානුෂිකව පහරදී ඇති අතර පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙයට සම්බන්ධවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනෙක් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට විමර්ශන ක්‍රියාත්මක බවයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.