Spread the love

අම්පාර මහඔය අධ්‍යාපන කලාපයේ පාසලක 5 ශ්‍රේණියේ සිසුවියන් හය දෙනෙකු අපයෝජනය කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් ගුරුවරයෙකු දෙහිඅත්තකණ්ඩිය අධිකරණය විසින් එළඹෙන 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ 54 හැවිරිදි පුද්ගලයෙක් වන අතර එල්ල වන චෝදනා ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇත.

දෙමාපියන්ගේ සහ දරුවන්ගේ සාක්ෂි සටහන් කර ගැනීමෙන් පසු සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කර තිබේ.

අපයෝජනයට ලක්වූ බව කියන දැරියන් රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇත.