Spread the love

මින්නේරිය යාය 04 ගිරිතලේ ප්‍රදේශයේදී පවුලේ අය සමගින් ඥාති නිවසකට පැමිණ අවස්ථාවේදි 17 හැවිරිදි පාසල් සිසුවියකගේ ගෙලට වෙඩි වැදි ඇතැයි වාර්තාවෙයි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබු පාසල් සිසුවිය ප්‍රතිකාර සදහා පොලොන්නරුව රෝහලට ඇතුලු කර තිබේ.
සිද්ධිය වී ඇත්තේ ඊයේ (14) රාත්‍රියේයි. වෙඩි තැබිම කවුරුන් සිදු කලේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත
සිද්ධිය පිළිබදව මින්නේරිය පොලිසිය වැඩි දුර පරික්ෂණ පවත්වයි.