Spread the love

විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් කීපයක් විසින් පවත්වන ලද විරෝධතාවයකට පොලිසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අසලදී මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

සිසුන් විසින් මෙම විරෝධතාවය පවත්වන ලද්දේ නේවාසිකාගාර ගැටළු, මහපොළ ශිෂ්‍යාධාර ප්‍රමාද වීම, ආපනශාලා ගැටළු ඇතුළු සුභසාධන ගැටලු සම්බන්ධයෙන් විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමිනි.