Spread the love

මෙවර මහ මැතිවරණයට තරග වදින නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂකයකු විසින් පාක්ෂිකයන් පිරිසකට ලබා දීමට සූදානම් කර තිබූ රාත්‍රී භෝජන සංග‍්‍රහයක් මැතිවරණ කොමිසම විසින් අත්හිටුවා තිබේ.

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් මෙය සිදු කිරීමට නියමිතව තිබූ බව මැතිවරණ කොමිසමේ නිළධාරින් කියති.

අදාළ ස්ථානයට ගිය මැතිවරණ කොමිසමේ නිලධාරීන් ආහාරපාන ආදියෙන් සංග්‍රහ කිරීම නවත්වන ලෙස හෝටල් පරිපාලනයට උපදෙස් දී ඇත.

මෙම රැස්වීම සඳහා හිටපු මන්ත්‍රීවරැන් වන මහින්දානන්ද අලුත්ගමගේ අනුරාධ ජයරත්න ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිතව තිබි ඇත.