Spread the love

නිමල් රාජපක්ෂ-

ගණේමුල්ල බප / ගම් / සිරි සීලරතන ප්‍රථමික විද්‍යාලයේ මෙවර 5 වසර ශිෂ්‍යත්වයෙන් දරුවන් 7 ක් සමත්වු බව විදුහල්පතිණි අනෝජා උදය කුමාරි මහත්මිය පැවසුවාය.


ගම්පහ දිස්ත්‍රික්කයේ ගණේමුල්ල ග්‍රාමයේ පිහිටි මෙම ප්‍රාථමික විද්‍යාලයේ 1 වසර සිට 5 වසර දක්වා දරුවන් 256 දෙනකු අකුරු කරති.මෙවර ශිෂ්‍යත්ව විභාගය සදහා දරුවන් 60 දෙනෙකු පෙනි සිටිය මුත් එයින් දරුවන් 7 දෙනෙකු සමත්වීමක් මහගු කාර්යයකි. මන්ද බලධාරින් ප්‍රාථමික දුෂ්කර පාසල් කෙරෙහි දැඩි අවධානයෙන් නොමැති වීමය.ගුරු මණ්ඩයේ දැඩි කැපවිම මත මෙවර ශිෂ්‍යත්වයට පෙනි සිටින දරවන් හට දැඩි දුෂ්කරතා මධ්‍යයේ වුවද අකුරු කිරීම තුළින් යහපත් ප්‍රථිපල අත්කර ගැනීමට හැකිවී තිබිණ.
මෙවර ශිෂ්‍යත්ව කඩ ඉමසමත් වී ලැබූ වැඩිම ලකුණු ලබාගත් සංඛ්‍යාව ලකුණු 186 කි .තවද කඩඉම ආසන්නයට ලකුණු ලැබු එනම් ලකුණු 150 වැඩි සිසුන් ගණන 6ක් සිටිති.

පාසලේ ගුරුමණ්ඩලය වම් කෙළවරේ සිට අසුන්ගෙන ඇත්තේ ,

  • 1).5 ශ්‍රේණිය පන්තිභාර ගුරුතුමිය :- ජේ.ඒ.එස්.ඩී.ජයකොඩි ,
  • 2).විදුහල්පතිතුමිය :- අනෝජා උදය කුමාරි ,
  • 3).නියෝජ්‍ය විදුහල්පතිතුමිය :- ඒ.එම්.ඒ.ඒ.කේ අලගියන්න,
  • 4) .5ශ්‍රේණිය පන්තිභාර ගුරුතුමන් :- එම්. සී . සිල්වා ,

  • වම් කෙළවරේ සිට දරුවන් ලකුණු ලබාගෙන ඇත්තේ මේ අයුරිණි.

01- ඒ.එම්.ඉෂාන් චමිඳු 170 ,2- ඒ.එම්.හංස රිවිදිනු 178 , 03- එම්.ඒ.ඩී.සඳුල් මෙතූෂ මුණසිංහ 162 , 04-ජී.ඩබ්.චේතනා සහශ්‍රී 186, 05 -යූ.තනුරි ඉඳුමිනී 159 , 06- එල්.අශේනි හිමංසා දෙවින්දි 171 , 07 -එච්. ඒ.මෙතුලි නිම්සරණි 167

ඉතා මත් කුඩා ගුරුමණ්ඩලයක් මෙම පාසලේ සිටින අතර ගණේමුල්ල සිරි සීලරථන ප්‍රාථමික විදුහල කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු වන්නේ නම් ගම තුළින් යහ ගුණ පිරි දක්ෂ දරු පිරිසක් සමාජයට දායාද කළහැකිවු නොඅනුමානයි