Spread the love

සියලුම පළාත් පාලන ආයතනවල නිල කාලය අද මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වීමට නියමිතයි .

මේ හේතුවෙන් එම ආයතන සභාපතිවරුන් සහ මන්ත්‍රීවරුන් භාවිතා කරනු ලබන වාහන ඇතුළු සියලුම රජයේ දේපළ අදාල ආයතනවලට අද දිනයට පෙර භාර දිය යුතු බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසුවා .

මෙම වාහන වෙනත් නිලධාරීන්ට හෝ ආයතනවලට නිකුත් නොකර වෙන්ව තබන ලෙසයි නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ .

එම වාහන අවභාවිතා වුවහොත් ඉදිරියේදී පත්වීමට නියමිත සභාපතිවරුන් සදහා නැවත වාහන මිලදී ගැනීමට සිදුවීමෙන් ගැටලුකාරී තත්වයක් මතුවනු ඇති බවද ඔහු ප්‍රකාශ කළා .

මෙලෙස අදින් නිල කාලය අවසන් වන පළාත් පාලන ආයතන සංඛ්‍යාව 341ක් .

එයට නගර සභා,මහ නගර සභා සහ ප්‍රාදේශීය සභා ද ඇතුළත් වනවා .

මේ අතර ඊයේ දිනයේදීත් පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන නියෝජිතයන් විවිධ අදහස් පල කළා .