Spread the love

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී තමන්ගේ සහය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

තමන් දැනටද පාර්ලිමේන්තුවේ කටයුතු කරන්නේ ස්වාධීන මන්ත‍්‍රීවරයෙකු ලෙස බවත් ජනාධිපතිවරණයේදී අදාල තීන්දුව ගන්නා බවත් ඔහු කියා සිටියි.

‘මම පාර්ලිමේන්තුවේ කිසිම දේශපාලන පක්ෂයක් නියෝජනය නොකරන ස්වාධීන මන්ත්‍රිවරයෙක්. මේ රට අමාරුවේ වැටිච්ච වෙලාවේදී රට භාරගත්තේ රනිල් වික්‍රමසිංහ පමණයි. දැන් රට පුරා ගිහිල්ලා ජනතාව එකතු කරගෙන රැස්වීම් පවත්වන ඔය කවුරුවත් එදා රට භාරගන්න කැමැති වුණේ නෑ.

මම ඒ වෙලාවේ ශ්‍රීලනිපයට යෝජනා කළා ජාතික යුතුකමක් සේ සලකා රනිල් වික්‍රමසිංහ මහත්මයට උදව් කරමු කියලා. නමුත් ඒ වෙලාවේදී පක්ෂය ඊට එකඟ වුණේ නෑ. ඒ නිසා මම ස්වාධීන මන්ත්‍රිවරයෙක් විදියට රනිල් වික්‍රමසිංහ මහත්මයට උදව් කරන්න ඉදිරිපත් වුණා.

මම හිටපු කැබිනට් අමාත්‍යවරයෙක් වුණත් රාජ්‍ය මුදල් ඇමැති තනතුර භාරගත්තේ ඒ නිසයි. ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදීත් මේ රට භාර දිය යුත්තේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට කියලා මම කියනවා.’