Spread the love

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවන විදුලි බිඳවැටීම් යථා තත්ත්වයට පත්කිරීමේ දී සිදුවන ප්‍රමාදයන් පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරමින් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය විසින් නිවේදනයක් නිකුත් කරයි.

ආපදා තත්ත්වයන් යටතේ විදුලිය බිඳ වැටීම් විශාල ප්‍රමාණයක් වාර්තා වී ඇති බවත්, එම බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කරලීම සදහා මේ වනවිට ලංවිම සේවයේ යෙදී සිටින සීමිත තාක්ෂණික කාර්ය මණ්ඩලය උපරිම වශයෙන් කැපකිරීම් සිදුකරමින් සිටින බවත් පවසයි.

රජය, විෂය භාර අමාත්‍යවරයා සහ ලංවිම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පුරප්පාඩු සඳහා නිසි බඳවා ගැනීම් සිදුකිරීමට හා දැනට සේවයේ නියුතු සේවකයින් රඳවා තබා ගැනීම සඳහා කිසිදු සාධනීය පියවරක් නොගත් බවත්, සේවකයින් හට රැකියාව එපා වෙන තැනට පත්කර සේවය හැර යාමට මඟ සැලැසූ බවත්, සේවකයන් නොමැති වීමෙන් සිදුවන බිඳවැටුම් යාවත්කාලීන කිරීමේ ප්‍රමාදයන් වල වගකීම ඔවුන් ඍජුවම භාරගත යුතු බවත් පවසයි.

එම සංගමය නිකුත් කළ නිවේදනය පහතින්.