Spread the love


නිමල් රාජපක්ෂ-

ඩුබායි සිට මෙරටට පැමිණි තිදෙනකුගේ ගමන් මළු පරික්ෂා කිරිමේදි රුපියල් මිලියන 7 ක්වටිනා දුම්වැටි තොගයක් ජංගම දුරකථන තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් දුම්වැටි තොගයේ විදේශීය සිගරැට් 40000 ක් ජංගම දුරකථන 77 ක් තිබු බව රේගුමාධ්‍ය ප්‍රකාශක ,අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල් සීවලී අරුක්ගොඩ මහතා පවසයි.
විදේශීය දුම්වැටි රැගෙනා කාන්තාව රේගුව නොමග යැවීම සඳහා කුඩා දරුවෙකුද රැගෙන පැමිණීමේ පර්යන්තයෙන් පිටුවීමට උත්සාහ කරන ලදී. මෙහිදි විසිතුන්හැවිරිදි කාන්තාවක් හා විසිහතක් හැටහැවිරිදි අයකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.