Spread the love

ඊජිප්තුවෙන් කථිකාචාර්යවරුන් ගෙන්වීම වැනි කරණු කිහිපයක් තිබෙනවා. මුස්ලිම් ආගමික අධ්‍යාපනයට එය වැදගත් නිසා එම ගැටළුත් විසඳාගත යුතුයි.

මද්‍රසා පාසල් පාලනය කිරීමට නීතියෙන් කෙටුම්පතක් සකස් කිරීමේ කටයුතු සිදු කෙරුණා. නමුත් එය ඉදිරිපත් කර තිබුණේ නැහැ. එය ඉතා වැදගත්. මුස්ලිම් ජනතාවට බලපාන එවැනි කාරණා රැසක් තිබෙනවා. ඒ වගේම ඇතැම් අයට විරුද්ධව පැනවූ නඩු තිබුණා. උසාවියෙන් එම නඩු විභාගයට නොගෙන ඉවත් කර තිබුණා.

ත්‍රස්තවාදයට සම්බන්ධයක් නැත්නම්, රටේ විප්ලවයක් ඇති කරන්න කියලා කියන්නේ නැත්නම් අදහස් ප්‍රකාශ කිරීම්වලට ඉඩ ලැබිය යුතුයි. නීතියෙන් එම ආරක්ෂාව සම්පූර්ණයෙන් සැලසිය යුතුයි. මේ කරුණු කෙරෙහි අපගේ අවධානය යොමු කර තිබෙනවා. ඒ පිළිබඳ අදාළ අමාත්‍යාංශවලින් සහ නිලධාරීන්ගෙන් මම වාර්තා ඉල්ලා තිබෙනවා. ඒවා ලැබූණු පසු ලබන පෙබරවාරි වන විට සම්පූර්ණ ප්‍රකාශයක් කිරිමට මම බලාපොරොත්තු වෙනවා. ඊට පෙර ආගමික නායකයන් සහ දේශපාලන නායකයන් හමු වී මෙම සියළු කරුණු ගැන සාකච්ඡා කිරීමට මම බලාපොරොත්තු වෙනවා.

මුස්ලිම් ආගමික නායකයන්ද, ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ. එම්. මුසම්මිල්, ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රෝහිත අමරදාස යන මහත්වරුන් ප්‍රමුඛ පළාතේ අධ්‍යාපන නිලධාරීන්, ගුරුවරුන්, දෙමාපියන්, සිසු දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.