Spread the love

ඉදිරි සමගි ජන බලවේග රජයක් යටතේ අති දුෂ්කර ජීවිත ගත කරන ජනතාවට මසකට රුපියල් විසි දහසක දීමනාවක් ලබාදෙන බව සමගි ජන බලවේගය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ඒ සඳහා ජනසවිය සමෘද්ධිය අස්වැසුම යන සහනාධාර ක්‍රමවේදයන්හි ඇතුළත් හොඳ ගුණාංග සියල්ල ඇතුලත් කරන බවද හෙතෙම කියා සිටියේය.

ඒවායේ ඇති අඩුපාඩු ඉවත් කරන්න දුප්පත්කම ඉවත් කිරීමෙන් නව වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසුවේය.

එම වැඩසටහන යටතේ මාස 24 ක් ඇතුළත දුප්පත්කම තුරන් කරන බවත් ඔහු කියා සිටියේය.

සමගි ජන බලවේගය විසින් සේරුවාවිල නගරයේදී සංවිධානය කරන ලද ජනාධිපතිවරණ ජනරැලියකදී ඔහු මෙම අදහස් පළ කළේය.