Spread the love

එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන “සැබෑව” ජන රැළි මාලාවේ පළමුවැන්න කුලියාපිටියේදී අද (10) ආරම්භ වෙයි.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 2.00 ට කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගනයේදී මෙය ආරම්භ වීමට නියමිතයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්විමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ  ප්‍රචාරක ජනරැළියක් අමතන පළමු අවස්ථාව මෙයවෙයි.