Spread the love


නිමල් රාජපක්ෂ-

ජල බිල්පත මාස දෙකක් යනතුරු ලබා නොදිම නිසා ගණේමුල්ල උළුකඩේහන්දියෙන් පන්සල පාරේ ජනතාව දැඩි දුෂ්කර තාවයකට පත්වී ඇත.

මන්ද සැප්තැම්බර් මස ජලබිල්පත තාමත් ලබා නොදිම හේතුවෙනි. මේ වනවිට ඹක්තෝබර් මාසයෙත් දින 22 ක් ගතවි හමාරය. එකවර මාස දෙකක ජල බිල්පත පාරිභෝගිකයිනට ලබා දීම හේතුවේන් ජනතාවට විශාල ජලබිලක් ගෙවීමට සිදුවෙනු නොඅනුමානය .

අද ජීවත්විමට නොහැකි ආර්ථික අර්බුදකයක පත්වී තිබෙන යුගයක ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය මෙවැනි අක්‍රමිකතා සිදු කිරීමෙන් ජනතාව කබලෙන් ලිපට වැටුනාක් මෙනි.
මේ පිළිබදව ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ 1939 දුරකථනයට කථාකොට විමසුවිට ඹවුන් පැවසුවේ” මනු කියවන්නා ”නොපැමිණි බැවින් ජල බිල්පත සැප්තැම්බර් මාසයට ලබා දීමට නොහැකි වු බවයි.

එවිට අදට දින 52 දෙකක් ගතවි තිබෙන බැවින් ජලබිල්පත පිළිබද විමසුවිට පසුගිය මාස 3ක ජලබිල්පත බලා එයට සමගාමීව ජලබිල්පත් ලබා දෙන බවයි. මේ තුළින් ජනතාවට විශාල පාඩුවක් සිදුවනු නොඅනුමානයි. මන්ද පසුගිය මාස තුනේ ජලබිල්පතට සමාන කිරීමට දැඩි අසාධාරනයක් මන්ද සැප්තැම්බර් මාසයේ පැවැති වර්ෂාවත් සමගින් ජලය භාවිතා කරනුයේ ඉතා අඩු වශයෙනි. නිවසක ජනතාව වාසය නොකල අයටද මේ තුළින් දැඩි අසාධාරනයක් සිදුවනු ඇත.


කඩවත ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයෙන් ගණේමුල්ල ප්‍රදේශයේ ජලබිල්පත ලබා දීම සිදු කෙරේ. ජලසම්පාදන මණ්ඩලයේ නිලධාරීන් ගේ නොසැලකිල්ල නිසා ජල පාරිභෝගිකයන් අමතර මුදලක් ජලබිල්පතට ගෙවීමට ද සිදුවේවි.


ජනාධිපති තුමනි , ජලසම්පත් ඇමති තුමණි වහාම මේ පිළිබදව පරික්ෂණයක් පවත්වා ගණේමුල්ලේ ජනතාවට සහනයක් ලබා දීමට කටයුතු කරන්නැයි ඉල්ලාසිටිී;