Spread the love

2024 මැයි මස අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට (2023) පෙනී සිටීමට ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට ඉල්ලුම් කර ඇති පුද්ගලයින්ට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් සිදුකර ඇත.

ඒ අනුව ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට ඉල්ලුම් කරන ලද 2005.02.01 සිට 2008.01.31 දක්වා උපන් අයඳුම්කරුවන් වෙත නිකුත් කරන තොරතුරු තහවුරු කිරීමේ ලිපිය මේ වන විට සියලුම ඉල්ලුම්කරුවන්ට යොමු කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඉල්ලුම්පත්‍රයේ නිවැරදිව ලිපියන සඳහන් නොකරන ලද හෝ වෙනත් හේතුවෙක් නිසා මෙතෙක් එය නොලැබුණු ඉල්ලුම්කරුවන්ට www.drp.gov.lk වෙබ් අඩවියෙන් භාගත කර ගැනීමේ පහසුකම ලබාදී ඇති බවයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.