Spread the love

අවුරුදු 24 ක් වයසැති තරුණ කාන්තාවක් අතුරුදන් බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කල බව වැලිපැන්න පොලිසිය පවසයි .

වැලිපැන්න හිජ්රා මාවතේ පදිංචි දැරියගේ පියා විසින් කල පැමිණිල්ලක් මත මෙසේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

හිජ්රා මාවතේ පදිංචිව සිටී මොහොමඩ් අමීන් ෆාතිමා අස්මියා නමැති තරුණියක මෙසේ අතුරුදන්ව ඇති බව පොලිසිය කීය.

තරුණිය ඊයේ රාත්‍රි සිට අතුරුදන් බවට පැමිණිල්ලේ සදහන්ව ඇති බවත් , ඇය නිවසේ පිටුපස දොරෙන් පිටව ගොස් ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී තහවුරුව ඇති බවත් පොලිසිය කීය.

අතුරුදන්ව තරුණියගේ බවට හදුනාගෙන බවට හදුනාගෙන සෙරෙප්පුවක් නිවස ආසන්නයේ පිහිටී වැලිපැන්න ඇල ඉවුරේ තිබී සොයාගත් බව පොලිසිය කීය.

ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාම්න්ද මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිපැන්න පොලිසිය පරීක්ෂණ පවත්වති.