Spread the love

මහ කන්නය සඳහා MOP පොහොර අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 30,000ක් වුවද ගොවීන් මිල දී ගෙන ඇත්තේ ඉන් තුනෙන් එකක ප්‍රමාණයක් බවත් MOP පොහොර ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙවර යල කන්නයේ දී පොහොර සහනාධාර මුදල් ගොවි ගිණුම්ව්ලට හෙට සිට බැර කිරීමට තීරණය කර ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන් දැනට කුඹුරු වගා කර අවසන් කර ඇති ගොවීන් සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට නියමිතය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් MOP පොහොර භාවිතා කිරීම සම්බන්ධව දී ඇති නිර්දේශ අනුව එම පොහොර භාවිතය ප්‍රචලිත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, එමනිසා මෙම පොහොර සහනාධාර මුදල් ප්‍රතිපාදන MOP පොහොර මිල දී ගැනීම ඉළක්ක කරමින් ලබා දීමට පියවර ගන්නා ලෙසත් කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
දැනට අවශ්‍ය තරම් MOP පොහොර තොග රට තුළ පවතී. මෙවර යල කන්නය සඳහා MOP පොහොර අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 15,000ක් පමණ වුවද දැනට මෙට්‍රික් ටොන් 35,000ක තොගයක් තිබේ. ඉන් මෙට්‍රික් ටොන් 27,000ක් රජයට අයත් පොහොර සමාගම් දෙක සතුව පවතින බව රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පවසයි.