Spread the love

නාගොඩ -සුමන

පවතින අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාතේ  ප්‍රදේශ කිහිපයක ඇතිවී ඇති ජල ගැලීම් තත්වය හමුවේ පීඩාවට පත්  ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් හතරක් යොදවා ඇතිබව නාවික හමුදා මාධ්‍ය ඒකකය පවසයි.

බුලත්සිංහල, බදුරලිය, ලත්පඳුර සහ කලවාන යන ප්‍රදේශ වල එම සහන කණ්ඩායම් ස්ථාන ගතකර තිබේ.

මේ වන විට එම සහන කණ්ඩායම් මහජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් සිදුකරමින් සිටීයි. 

ඒ අනුව කළු ගඟ පිටාර ගැලීම හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ බදුරලිය ලත්පඳුර ප්‍රදේශයේ ඇතිවී ඇති ජල ගැලීම් තත්වය හමුවේ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් ළමුන් පිරිසක් පාසල් වෙත ප්‍රවාහනය කිරීම සඳහා නාවික හමුදාව සිය දායකත්වය දක්වා තිබේ.

පීඩාවට පත් ජනතාවගේ දෛනික කටයුතු සිදුකර ගැනීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් මඟින් අවශ්‍ය සහන සැලසීම් සිදු කරමින් සිටින බව නාවික හමුදා මාධ්‍ය ඒකකය වැඩිදුරටත් පැවසුවේය.්