Spread the love

යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියක් ඊයේ (17) කිලිනොච්චිය, කෝනාවිල් ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ දී ඇය ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන ඇතැයි පොලීසිය පවසයි.

මෙසේ සියදිවි නසාගෙන ඇත්තේ 22 හැවිරිදි වසන්තකුමාර් ඩිලක්සියා නමැති තරුණියකි.

තරුණිය ගෙල වැලලාගෙන සිටි අවස්ථාවේ ඇයගේ සහෝදරයා දැක වහාම ඇයව කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කළ ද ඒ අවස්ථාව වනවිටත් තරුණිය මිය ගොස් ඇතිබව වාර්තාවෙයි.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.