Spread the love

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචණ්ඩත්වය පැතිරවීමට ආධාර අනුබල දීම යටතේ තිදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය 9 දා දිවයින පුරා සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ආරම්භ කළ විමර්ශනයකදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති 39 හැවිරිදි කොළඹ 05 ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර අනෙකුත් සැකකරුවන් දෙදෙනා ගංගොඩවිල සහ දික්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් .