කාලයේ තිහගොඩ පොලිස් වසමේ පෙතන්ගහවත්ත විහාරස්ථානයේ පවත්වන ලද සමථ මූල මණ්ඩලය වෙත පැමිණි දෙපාර්ශවයක් අතර ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් සිදුවූ පහරදීමකදී පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවට ලද පැමිණිල්ලක් මත තිහගොඩ පොලිස් ස්ථානය විසින් විමර්ශන ආරම්භ කර ඇත.
තිහගොඩ පොලිස් ස්ථානය මඟින් සමථ මූල මණ්ඩලය වෙත යොමුකර තිබූ පැමිණිල්ලක් සම්බන්ධයෙන් එහි දෙපාර්ශවය ආරවුල නිරාකරණය කිරීම සඳහා 2025.01.25 වන දින පැවති සමථ මූල මණ්ඩලය වෙත කැඳවා තිබූණි.
එම දෙපාර්ශවය විසින් එම ස්ථානයේ ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් පහරදීමක් සිදුවී ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු තුවාල ලබා මාතර මහ රෝහල වෙත ඇතුළත් කර ඇත.
පසුව තුවාලකරු වැඩිදුර ප්රතිකාර සඳහා කරාපිටිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට අනාවරණය වි ඇත.
මරණකරු වයස අවුරුදු 73 ක් වන තිහගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තිහගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.