Spread the love

සමගි රණවිරු බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් සමුලුව සමගි ජන බලවේගයේ නායක ,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (10) පෙරවරු 9 ට තංගල්ල නගරශාලාවේදී පැවැත්වේ.
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා මෙම රණවිරු සමුලුව සංවිධානය කර තිබේ . සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා , සමගි රණවිරු බලවේගයේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික ) උපුල් විතාරණගේ , ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික ) සරත් සිරිවර්ධන , ජාතික සංවිධායක මේජර් ජෙනරාල් (විශ්‍රාමික ) නිශ්ශංක රණවක යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිත බව සංවිධායකයෝ පවසති .